May 06, 2024

මාධ්‍යවේදීන්ට අසුභයි

පකිස්තානයේ ජනමාධ්‍යවේදීන් රහස් ඔත්තු අංශ, ඉස්ලාමීය සංවිධාන සහ දේශපාලන පක්ෂ වල ඇසට ගොදුරු වී ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙන බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

පසුගිය වසර හය ඇතුළත පාකිස්තාන් මාධ්‍යවේදීන් තිස් හතර දෙනකුවත් මරා දමනු ලැබ ඇති බවත් එම ඝාතන වලට ඍජු හේතුව ඔවුන් වාර්තාකරණයේ නිරත වීම බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියා සිටි.

එරට තවත් මාධ්‍යවේදීන් පැහැරගෙන යාම් සහ වධ හිංසාවන්ට ලක් කරනු ලැබීමේ අන්තරායකට මුහුණ දී සිටින බවත් ඇම්නෙස්ටිය පවසයි.

එවැනි අපරාධ වලට වගකිව යුත්තන් සොයා ගැනීමට පාකිස්තාන් බලධාරීන් බෙහෙවින් අසමත් වී ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය පවසා ඇත.

 

Rate this item
(0 votes)