May 06, 2024

නෞකා අනතුර ගැන එරට ජනාධිපතිනිය සමාව ඉල්ලයි 

දකුණු කොරියානු නෞකා අනතුර සම්බන්ධයෙන් එරට ජනාධිපතිනි පාක් ජින් හිව් මහත්මිය සමාව ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් නිසි ආකාරයෙන් සිදුකිරීමට නොහැකි වූ බව ඇය සඳහන් කර තිබේ.

සිය රජයේ වරදින් එම නෞකාවේ සිටි මගීන් මරණයට පත් වූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉකුත් අපේ‍්‍රල් 16 වැනි දා පාසල් සිසුන් ඇතුළු මගීන් 476 දෙනෙක් ගමන් කළ එම නෞකාව අනතුරට පත් වූ අතර ඉන් පුද්ගලයින් 174 දෙනෙකු බේරා ගැනීමට හැකි විය.

ඉතිරි පුද්ගලයින් 187 දෙනෙකුගේ මළ සිරුරු හමු වී ඇත.

Rate this item
(0 votes)