May 06, 2024

පුද්ගලයින් 683 දෙනක්ට සාමූහික මරණ දඬුවම 

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ නායක මොහමඩ් බඩී ඇතුළු පුද්ගලයින් 683 දෙනකුට එරට විනිසුරුවරයෙක් සාමූහික මරණ දඬුවම පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2013 දී මින්යාහි පොලිස් ස්ථානයකට පහරදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට චෝදනා  එල්ල වී තිබේ. 

මීට පෙර මාර්තු මාසයේ පැන වූ මරණ දඬුවම් 529 කින් 492ක් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට එම විනිසුරුවරයා තීන්දු කර තිබේ.

එම සිද්ධිය වේගවත් ව විභාග කළ ආකාරය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක් වී ඇත. 

නඩු විභාගය පැය කිහිපයකට වඩා පැවැති අතර චූදිතයන්ට නීතිඥවරුන් සැපයීමෙන් ද වැළැකී තිබේ. 

Rate this item
(0 votes)