May 06, 2024

ලෝකයේ ලොකුම මල් ගෝවා ගෙඩිය

ලොව විශාලතම මල් ගෝවා ගෙඩිය නැගෙනහිර මිඩ්ලන්ඩ්හි නෙවාඒක් ප‍්‍රදේශයේ ගෙවතු වගා බිමකදී වර්ධනය වෙයි.69 හැවිරිදි පීටර් ග්ලාස්බෲක්ගේ ගෙවතු වගා බිමේ වැවෙන මෙම මල් ගෝවා ගෙඩියෙහි බර රාත්තල් 31ක් පමණ වන බව එරට වාර්ත සදහන් කර ඇත.එම ප‍්‍රමාණය සාමාන්‍ය ගෝවා මල් ගෙඩියක බර මෙන් 20 ගූණයක් බරෙන් වැඩි ය.මෙම මල් ගෝවාගෙඩියේ විෂ්කම්භය අඩි 6ක් පමණ වන බව ද සදහන් වෙයි.ලොව වැඩි බරැති ලූනු ගෙඩිය හා අර්තාපල් ගෙඩිය ද වගා කරමින් මෙම ගොවි මහතා මීට පෙර ද වාර්තා පොතට එක්ව තිබේ

(සුදේශ් කරුණාතිලක-බහරේන්)

Rate this item
(0 votes)