අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ තම්පාබේහි පැවැති එම සම්මාන උළෙලේ දී හොඳ ම නළුවාට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“ චිත්‍රපටයේ රඟපෑ ෆර්හාන් අක්තාර් දිනාගනු ලැබී ය.
හොඳ ම නිළියට හිමි සම්මානය චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ රඟපෑ දීපිකා පදුකොන්ට හිමි ව ඇති අතර හොඳ ම සහාය නිළියට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“ චිත්‍රපටයේ රඟපෑ ප්‍රකට නිළි දිව්‍යා දත්තා හිමිකර ගත්තා ය.
හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය “යේ ජවානි හේ දිවානි“ චිත්‍රපටයේ රඟපෑ ආදිත්‍ය රෝයි දිනා ගත් අතර හොඳ ම තිර පිටපතට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“ චිත්‍රපටයේ තිරපිටපත වෙනුවෙන් ප්‍රසූන් ජෝසි හිමිකර ගත්තේ ය.