May 07, 2024

යුද අපරාධ පිළිගත් නිළධාරියා මරා දමලා

දේශපාලන සිරකරුවන්ට වධ හිංසා සිදු කළ බව පිළිගත් බ්‍රසීලයේ විශ්‍රාමික යුද නිලධාරියෙක් ඔහුගේ නිවසේ සිටියදී මරා දමා ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

බ්‍රසීලයේ යුද හමුදා පාලනය පැවති සමයෙහි තමා දේශපාලන සිරකරුවන් වධ හිංසාවන්ට ලක් කළ බවත් ඔවුන් මරා දැමූ බව කර්නල් පවුලෝ මල්හෑස් විසින් මීට මාසයකට පෙර පිළිගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඔවුන්ගේ නිවසට කඩා වැදුණු පුද්ගලයින් තිදෙනකු විසින් හුස්ම හිර කර සැමියා මරා දමා තිබූ  බව එම යුද නිළධාරියාගේ බිරිඳ පවසා තිබේ.

තමා විසින් සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් කනගාටු නොවන බව කර්නල් පවුලෝ මල්හෑස් බ්‍රසීලයේ ජාතික සත්‍යය කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පසුගිය සතියේ කියා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)