May 20, 2024

ඉන්දියාවේ සූකර උණ නිසා 700ක් මියයයි

February 23, 2015

ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 700 දක්වා ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය සතියේ සිට වසංගත තත්වය දෙගුණවී ඇති බවත් දැනට මෙම රෝගය ආසාදිතයින් 11,000 ට වඩා සිටින බවත් වාර්තාවී තිබේ.

සූකර රෝගය මර්ධනය සඳහා අවශ්‍ය ඖෂධ නිසි ආකාරයෙන් බෙදා හැරීමට ඉන්දීය රජය අපොහොසත් වී ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් ලෙස බෙදා හැර ඇති බවයි. ඒ අතර බොහෝ ඉන්දියානුවන් මෙම රෝගයෙන් වැලකී සිටිමට අවශ්‍ය රෝග නිවාරණ  ක්‍රම භාවිතා කරමින් සිටිති.

ඉන්දියාවේ උතුරු දිග ප්‍රාන්තයක් වු රාජස්තාන් හි මෙම රෝගය වඩාත් දැඩි ලෙස පැතිර තිබේ.

විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ වඩාත් තදින් මෙම රෝගය මේ දිනවල පැතිර යාමට හේතුව වන්නේ සීත සෘතුවේ පවතින දැඩි සීතල තත්වය බවයි.

Rate this item
(0 votes)