May 20, 2024

මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට

February 22, 2015

ත්‍රස්තවාදී චෝදනා යටතේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අත්අඩංගුවට ගෙන තිබේ.එරට බලධාරීන් පවසන්නේ ඔහුට එරෙහිව ඇති නඩු විභාගය සිදු කෙරෙන බැවින් ඊට පෙර ඔහු පැන යා හැකි හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගත් බවය.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් වූයේ ඔහු විසින් සංවිධානය කර තිබූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය දියත් වීමට දින හයක් තිබියදී යි.

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් බලයට පත් වී පහළොස් මසක් ගත වෙද්දී මාලදිවයින යළිත් දේශපාලන වශයෙන් අස්ථාවර වන්නට පටන් ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එක් වීම සඳහා මාලදිවයින් ජාතිකයන් දෙසීයක් පමණ මැදපෙරදිග බලා ගොස් ඇති බවට විපක්ෂය පවසයි.

ඒ අනුව සටන්කාමීත්වයට වත්මන් රජය අනුබල දෙන බවට විපක්ෂය නගන චෝදනා මාලදිවයින් රජය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරයි.

Rate this item
(0 votes)