May 20, 2024

බි‍්‍රතාන්‍ය දැරියන් අයි.එස්. සටන්කාමීන්ට එකතුවීමට සිරියාවට 

February 22, 2015

සිරියාවේ අයි.එස්. සටන්කාමීන් සමග එක්වීම සඳහා යමින් සිටින බි‍්‍රතාන්‍ය පාසල් දැරියන් තුන්දෙනෙකු ඉන් වළක්වාලීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

බටහිර යුරෝපයේ රටවල් රැසක කාන්තාවන් මෙලෙස අයි.එස්.වරුන්ට එක්වීම සඳහා සිරියාවට සහ ඉරාකයට ගිය බව පසුගිය කාලය තුළ වාර්තා විය.

ඔවුන් අතරින් ඇතමෙකු අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සමග සටන්වලට එක්වන අතර තවත් පිරිසක් ජිහාඩ් සටන්කරුවන්ගේ භාර්යාවන් ලෙස සිටින බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට අයි.එස්. සටන්කාමීන් සමග එක්ව කටයුතු කරන යුරෝපීයන්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවන බව වාර්තා වේ.

(බීබීසි)

Rate this item
(0 votes)