May 20, 2024

ලොව උසම නිවාස සංකීර්ණයක ගින්නක් (Video)

ලොව උසම නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන මහල් 79 කින් යුත් ඩුබායි හි  ටෝච් ගොඩනැගිල්ලේ විශාල ගින්නක් පැතිරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඩි 1105 ක් උසැති ගොඩනැගිල්ලේ 50 වන මහලේ ගින්න හටගෙන ඇති අතර සුළඟත් සමඟ එය ගොඩනැගිල්ල පුරා පැතිරුණු බවයි විදෙස් වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

මහල් 60 ක පමණ නිවහන්වලට ගින්නෙන් හානි සිදුව ඇති බවත් එහි සුන්බුන් අසළ ගොඩනැගිලි මත කඩා වැටුණු බවත් ඇසින් දුටුවෝ පවසා ඇත.

කෙසේ නමුත්, ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් කඩිනමින් ඉවත් කර ගැනීම සඳහා කටයුතු යොදා තිබූ අතර ජීවිත හානි සිදුනොවූ බවයි ඩුබායි බලධාරීන් ප‍්‍රකාශ කළේ.

(වීඩියෝව පහළින් නරඹන්න)

 

 

 

Rate this item
(0 votes)