May 20, 2024

අමෙරිකාවට අධික ශීතලක්

February 20, 2015
සයිබීරියාවේ සිට පැමිණෙන ශීත සුළං හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප‍්‍රදේශයේ වාර්තාගත අධික ශීත කාලගුණයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එහි මධ්‍යම අත්ලාන්තික් ප‍්‍රදේශයේ සිට දකුණු දෙසට ඇදෙන බිම් තීරුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 20 ත් 40 ත් අතර වන බව ද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
 
විශේෂයෙන් චිකාගෝ නුවර අධික ශීතල හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර, දුම්රිය ගමනාගමනය ද අත්හිටුවා තිබේ.
 
මෙම අධිශීත උෂ්ණත්වය කැනඩාවේ - ඔන්ටාරියෝ සහ මනිටෝබා ප‍්‍රදේශවල ද දක්නට ලැබෙන බව සඳහන්.
Rate this item
(0 votes)