May 20, 2024

ආගම විකෘති කරන අන්තවාදීන් සමග සටන් කරනවා - ඔබාමා

February 19, 2015
තමන් සටන් වදින්නේ ඉස්ලාම් ආගම විකෘති කරන අන්තවාදීන් සමග බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එහෙයින් ඉස්ලාම් ආගම සමග යුද වැදීමට කිසිසේත් වුවමනාවක් නොමැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
 
ජාත්‍යන්තර අන්තවාදී ත‍්‍රස්තවාදයට මුහුණදීම සම්බන්ධයෙන් නිව්යෝක් නුවර පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. 
 
ඉස්ලාම් ආගම විකෘති කරමින් පෙනී සිටින පුද්ගලයින් ආගමික නායකයින් නොව ඔවුන් ත‍්‍රස්තවාදීන් ලෙස හැඳින්විය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 
Rate this item
(0 votes)