May 20, 2024

ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ බෝම්බ පිපිරීම්

February 18, 2015
ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ පොලිස් මූලස්ථාන ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර 2 ක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි පොලිස් මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු පැමිණ ඇති බව ද සඳහන්. 
 
මෙම ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු මියගොස් තිබේ.
 
මේ අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර පිහිටි පොලිස් මූලස්ථානය ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති නමුත් එම පිපිරීම සිදුව ඇත්තේ ඒ අසල පිහිටි හෝටලයක් ඉදිරිපිටයි.
 
මෙම පිපිරීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
Rate this item
(0 votes)