April 26, 2024

මහජන බැංකුවේ ඩිජිටල් ණය පිරිනැමිය හැකි ශාඛා ගණන 200 දක්වා ඉහළට

December 30, 2021

ශී‍්‍ර ලාංකීය බැංකුකරණ ක්ෂේත‍්‍රයේ නිම්වළලූ පුඵල් කරමින් ඩිජිටල් බැංකුකරණය හදුන්වා දුන් මහජන බැංකුව සිය 200 වැනි People’s Wiz Credit පහසුකම (RLOS) පසුගියදා අතුරුගිරිය ශාඛාවේදී දියත් කරන ලදි.

මහජන බැංකුව සිය ඩිජිටල්කරණ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය විසිහතරක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit හදුන්වා දෙන ලදි.

පුද්ගලික ණයක් ලබාගැනීමේ දී සිදුකළ යුතු කාර්යයන් රැසක් කඩදාසි භාවිතය අවම කරමින් ඩිජිටල් කි‍්‍රයාවලියක් ඔස්සේ සිදුකිරිම මේ තුළින් සිදුවේ.

සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයට අනුව මෙවැනි ණය අනුමත කිරීමේ සිට ණය මුදාහැරීම දක්වා පියවර 15 ක් පමණ ඇති අතර, ඒ සියල්ල සම්පූර්ණ කර ණය ලබාගැනීම සදහා මාසයක් හෝ ඊට ආසන්න කාලයක් වුව ගත විය හැක. කෙසේ වෙතත් RLOS පද්ධතිය හරහා පැය කිහිපයකින් ණය මුදල් අනුමත කරවාගත හැකි වන අතර, ණය මුදලේ ප‍්‍රමාණය හා ලබාදෙන සුරැුකුම් මත මෙම කාලය යම් පමණකට වෙනස් විය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත්, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන, ප‍්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම්, කොළඹ පිටත ප‍්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, ප‍්‍රධාන කළමනාකාරිනි නාලිකා ලියනගේ, සහකාර ප‍්‍රාදේශිය කළමනාකරුවන් එන්. ආරෝහණ, සුධර්මා සුභාෂිනි, එම්. සුරියප්පෙරුම සහ ශාඛා කළමනාකාරිනි ඒ.ජී.මනෝරි යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන්, ගනුදෙනුකරුවන් සහභාගී වූහ.

Rate this item
(0 votes)