April 19, 2024

මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් මාදිවෙලට

December 22, 2021

මහජන බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (ATM) ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, මාදිවෙල, ශී‍්‍ර රාහුල මහා විද්‍යාලයීය පිහිනුම් තටාක ගොඩනැගිල්ලේ විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

මේ තුළින් මාදිවෙල ප‍්‍රදේශයේ ජනතාවට තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24පුරාම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මෙම අවස්ථාවට ශී‍්‍ර රාහුල මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. එම් නිශ්ශංක රත්නායක, මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා* ලලිත් විතාන, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා) ටී.එම්.ඩබ්ලිව් චන්ද්‍රකුමාර, කොළඹ පිටත ප‍්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, ප‍්‍රධාන කළමනාකාරිනි නාලිකා ලියනගේ, පිටකොට්ටේ ශාඛා කළමනාකාරිනි ඞී.ඞී කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741 කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Rate this item
(1 Vote)