April 26, 2024

"ගෑස් ප්‍රමිතියෙන් යුක්තයි" - ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

December 01, 2021

දිවයින පුරා තැනින් තැන සිදුවන ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යෑම් ඊයේ සහ පෙරේදා දිනයේ බහුලව වාර්තා වුණා.

පෙරේදා දිනයේ තුළ පමණක් මේ ආකාරයේ සිදුවීම් 16 ක් වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ ගෑස් ආශ්‍රිත හදිසි අනතුරු සංඛ්‍යාව 20ක්.

අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් අනතුරු රැසක් වාර්තා වුණා.ඒ අකුරණ, තලවාකැලේ, යක්කලමුල්ල, බගවන්තලාව සහ නානුඔය යන ප්‍රදේශවලිනුයි.

ලිට්‍රෝ ගෑස් සමාගම සපයන එල්.පී. ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජාතික එල්.පී. ගෑස් සැපයුම්කරු ලෙස සමස්ත වෙළෙදපොළ ඉල්ලුමෙන් සියයට 75 කට වඩා වැඩි කොටසක් සපයන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ආනයනය කරන එල්.පී. ගෑස්වල සංයෝගය වන ප්‍රොපේන් සහ බියුටේන් ජාත්‍යන්තර සම්මිශ්‍රණයට අනුව ආනයනය කරන බවත් ජාත්‍යන්තර වෙළෙදපොළෙන් ගෑස් නැව්ගතකරන අවස්ථාවේ මෙන්ම ඒවා කෙරවලපිටියේදී ගොඩබාන අවස්ථාවේදී යන අවස්ථා දෙකේදීම ඒවායේ සංයුතිය පරික්ෂා කර සහතික කරන බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ පුෂ්පකුමාර එදිරිසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ගොඩබෑමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට සහ දැඩි ආරක්ෂිත ප්‍රමිතීන් යටතේ ඒවා ප්‍රමිතියෙන් උසස් සිලින්ඩර්වලට පුරවන බව පවසන ලිට්‍රෝ ගෑස් සමාගම එහිදී ජාත්‍යන්තර මිශ්‍රණය සඳහා කිසිඳු එකතු කිරීමක් මෙරටදී නොකරන බව ද අවධාරණය කරයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 02 December 2021 10:18