April 26, 2024

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05 වැනිදා) පෙ. ව. 9.30 ට

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05 වැනිදා) පෙ. ව. 9.30 ට පැවැත්වේ. සෞඛ්‍ය ආරක්‍ෂණ  මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
 
 
පාර්ලිමේන්තුවේ සියලූ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ටද රැස්වීම් ආවරණ කටයුතු සඳහා පහසුකම් සපයා ඇති බවත් මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
 
 සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් 4 ක් අද (05 වැනිදා) විවාදයට ගැනීමට නියමිතය.

Last modified on Tuesday, 05 January 2021 06:32