April 28, 2024

මහනුවර පළාත් පාලන සභා 2 ක් එන්නත ගන්න කෝටි 90 දෙන්න ලෑස්තියි : අනුමැතිය දෙන්න ආණ්ඩුව ලෑස්තිද ? - කිරිඇල්ල ප්‍රශ්න කරයි

මුළු මධ්‍යම පළාතටම කොවිඩ් එන්නත ලැබී නැති නිසා මුදල් ගෙවා හෝ එම එන්නත මධ්‍යම පළාතට ලබාගැනීම සඳහා මුදල් ලබාදීමට කැමති පිරිස් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරණ ලදි.

උදාහරණයක් ලෙස තමන් සමගි ජනබලවේගය සංවිධායක ධූරය දරන සෙංකඩගල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුභාෂ් යටවර මහතා සභාවේ ස්ථාවර ගිණුමේ ඇති මුදල් එන්නත් මිලදී ගැනීමට ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොට තිබෙන බව කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

එම ස්ථාවර තැන්පතුවේ රු. කෝටි 40ක් තිබෙන බව හෙළි කරණ කිරිඇල්ල මහතා එම මුදල සභාපතිවරයා සභාපතිත්වය දරන ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබා ගැනීම සඳහා ලබාදීමට සූදානම් බවද සඳහන් කරයි.

මහනුවර නගර සභාවද තමන් සතුව තිබෙන ස්ථාවර ගිනුමේ ඇති
රු. කෝටි 50 ලබාදීමට සූදානම් බවත් ඒ අනුව රු.කෝටි 90 (රු. ලක්ෂ 9000) මුදලක් තිබෙන බවත් එය භාර ගැනීමට රජය සූදානම්ද යන්න කිරිඇල්ල මහතා ප්‍රශ්නයක්ද නගන ලදී.

ප්‍රාදේශීය සභාවක උන් නගර සභාවක ස්ථාවර ගිණුම් වල මුදල් පාවිච්චි කිරීමේදී ඒ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුව ඒ සඳහා ආණ්ඩුකාරවරයාට උපදෙස් දීමට කැමතිද යන්නද කිරිඇල්ල මහතා ප්‍රශ්න කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 11:55