April 28, 2024

ඊශ්‍රායලයේ පිහිටා ඇති ලෝකයේ ආරක්ෂිතම සුපිරි රෝහල (VIDEO)

ඊශ්‍රායලයේ 2006 වසරේදී ඇතිවුනු හදිසි තත්වය හේතුවෙන් උතුරු ඊශ්‍රායලය ලෝකයේ අතිශය නවීන සහ සියලුම අං්ගයන්ගෙන් යුත් රෝහලක් ඉදි කිරීමට කටයුතු කළා. මෙහි විශ‍ේ්ෂත්වය වන්නේ මෙම රෝහල මුලුමනින්ම පොළව යට පිහිටා තිබීමයි. රම්බන් හෙල්ත් කෙයාර් යනුවෙන් හදුන්වනු ලබන රෝහල් පරිශ්‍රයේ පිහිටා ඇති මෙම  රෝහල මිසයිල රොකට් එල්ල ප්‍රහාර එල්ල වීම මගින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.

2008 වර්ශයේදී  මෙම රෝහල සදහා ඔවුන් සිංගප්පූරුවේ අති නවීන රෝහල් වල පවතින තාක්ෂණය උපයෝගීකර ගනු ලබනවා. මෙය දැනට ලෝකයේ ඇති  සියලුම අංග වලින් සමන්විත හදිසි අනතුරු සදහා ප්‍රථිකාර කරනු ලබන විශාතලම රෝහලයි.

රෝහල ඉදි කිරීම සදහා වසර 06 ක කාලයක් ගෙන ඇති අතර මේ වෙනුවෙන් වැය කොට ඇති මුදල ඊශ්‍රායල් ශකල් මිලියන 420ක්. මහල් තුනක් පොලව යටට විහිදෙන මෙම රෝහල වාහන 1500 ක් නැවැත්වීමේ පහසුකම් සහිත මහලකින් ද යුක්ත අතර මෙම මහල පැය හැත්තෑදෙකක් ඇතුලත ඇදන් 200 කින් සමන්විත වාට්ටුවක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තිබෙනවා.

හදිසි අවස්ථාවක දී අවශ්‍ය ඔක්සිජන් සැපයීමේ හැකියාව , උශ්නත්වය පාලනය කිරීමේ හැකියාව මෙන්ම සියලුම අවශ්‍ය කරනු ලබන සුපිරි රෝහල් පහසුකම් වලින් සන්නද්ද වීමට අවශ්‍ය පරිදි  සැලසුම් කොට තිබෙනවා . ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා නිරීක්ෂකයින් පවසා සිටියේ මෙම රෝහල ලෝකයේ ආරක්ෂිතම ස්ථාන වලින් එකක් බවයි.  මෙම යුධ සමයේ දී මෙම රෝහල ඔවුන්ට ඉතා පලදායි ප්‍රථිපල ගෙන එනු ලබන රෝහලක්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 May 2021 12:22