April 24, 2024

කොත්තු රොටි ඇතුළු ක්ෂණික ආහාර ගැනීමෙන් වලකින ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම සඳහා කොත්තු රොටි ඇතුළු ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමහර පුද්ගලයින්ගේ ජීවන රටාව නිසා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ඇති ප්‍රතිශක්තිය අඩු විය හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලාවිගේ මහත්මිය පැවසුවාය.

මහජනයා නිරෝගීව සිටිය යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කළ යුතු බවත්, අවශ්‍ය විටමින් පරිභෝජනය කළ යුතු බවත් ඇය පැවසිය.

කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර වැනි ක්ෂණික ආහාර පරිභෝජනයට ගැනීමෙන් මහජනතාව වැළකී සිටිය යුතු බවයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසිය.

ඒ වෙනුවට ඇය කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් එළවළු සහ පලතුරු අනුභව කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගෙන යායුතු බවයි.

මහජනයා ව්‍යායාම කළ යුතු අතර හොඳ විවේකයක් ලබා ගත යුතු බවත් විටමින් ඩී ඌණතාවයක් නොමැති බවට සහතික වීමද වැදගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Last modified on Monday, 04 January 2021 04:54