දේශපාලඥයින් ගැන විශ්වාසය ජනතාවට නැතිව ඇති බවත් ආණ්ඩුව පිළිබඳව නොව විපක්ෂය ගැනත් ජනතාවට ප්‍රශ්ණ ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා එසේ පවසා සිටියේ සමෘද්ධි දීමනා ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 28,000ක් වෙනුවෙන් නව සමෘද්ධි දීමනා පිරිනැමීමේ ප්‍රධාන උත්සවයේ සභාව අමතමිනි.
"නමුත් දැන් ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාව අතර කලකිරීමක් තියෙනවා. දේශපාලනඥයන් ගැන විශ්වාසය නැති වෙලා. ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි විපක්ෂය ගැනත් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. සමහරු කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දොට්ට දාමු කියලා. අපි මේක පිළිගන්න අවශ්‍යයි. ඒ ප්‍රශ්නය ජනතාවගේ හදවතට ගිහින් තියෙන්නේ දැන් අපිට පරණ විදියට දේශපාලනය කරලා ගොඩ එන්න බැහැ. ජනාධිපතිතුමාටත්, මටත්, ආණ්ඩුවටත් මේ හැමෝටමත් අලුතින් හිතන්න යුතුකමක් වගකීමක් තියෙනවා.”