April 26, 2024

පී.සී.ආර්. පරීක්ෂණ අවම වශයෙන් 12,000ක් සිදුකළ යුතුයි

November 14, 2020

මේ වන විට පවතින කොවිඩ් අවධානම් තත්ත්වය ගැන තවදුරටත් තක්සේරු කර ගැනීම සදහා අවම වශයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 12,000කට වැඩි 15,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ පසුගිය 12 වැනිදා මෙරට තුළ සිදු කර ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ 10,000කට වැඩි සංඛ්‍යාවක් බවයි.

පසුගිය දිනවල කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල වලින් 5%ක් පමණ පොසිටිව් වූ බව වෛද්‍යවරයා සදහන් කළේය.

මේ වන විට වැඩිම අවධානමක් තිබෙන කොළඹ නගරය පිළිබද යම් මතයක් ප්‍රකාශ කළ හැකි වන්නේ එම ප්‍රදේශයේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ මට්ටම අනුව බව ද වෛද්‍යවරයා සදහන් කරයි.

පී.සී.ආර්. ධාරිතාවය හැකි උපරිමයෙන් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Rate this item
(0 votes)