April 27, 2024

පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි වෛද්‍යවරු ඉල්ලති

November 02, 2020

‘කොවිඩ්-19’ අවදානම කෙරෙහි අවධානය ඒකාකාරීව තබා ගනිමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (1) පැවැසීය.

සමාජයේ අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි ද හෙතෙම කීය.

විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවලින් අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද ඔහු කීවේය.

සමාජයෙන් අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයිද සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලින් වාර්තා කැඳවා සත්‍ය විමසා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

ඒ අනුව සමාජයෙන් අහඹු නියැඳි තෝරාගෙන දැනට කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය, ඉදිරියේදී කිරීමට අපේක්ෂිත ප්‍රමාණය සහ ඉදිරි මාස කිහිපය සඳහා සැලසුම් මොනවාද යන්න විමසා බලන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු කීවේය.

වයිරසය සාර්ථකව මැඩ පැවැත්වීමට නම් ආවේක්ෂණය සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කළ යුතු බව ද ඔහු කීය.

ඒ අනුව වයිරස ආසාදිතයන් හඳුනාගැනීම, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම යන ක්‍රියාවලිය සාර්ථකව කළ යුතු බවත් එපමණක් නොව දෛනිකව කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නංවා එක මට්ටමක පවත්වා ගත යුතු බවත් ඔහු කීවේය.

දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු වැඩි වුවහොත් වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නොහැකි වන බව ද හෙතෙම පැවැසීය.

ඒ අතරම වයිරස ආසාදිතයන් හඳුනාගන්නා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) ද ආරම්භ කළ යුතු යැයි ඔහු තවදුරටත් කීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 20:03