May 02, 2024

PCR පරීක්ෂණ කරගෙන තිබෙන්නේ 224 න් 34යි - අනිත් අය මග හරිනවාලු

covid 19 ආසාදිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම හදුනා ගත්තද පීසීආර් පරීක්ෂණ වලට භාජනය වීම මන්ත්‍රීවරුන් දිගින් දිගටම මග හරිමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 224 දෙනා අතුරින් මේ වන විටත් පාර්ලිමේන්තුව තුළදී PCR පරීක්ෂණ කරගෙන තිබෙන්නේ මන්ත්‍රිවරු 34ක් පමණක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේ PCR පරීක්ෂණයට ලක් වූ මන්ත්‍රීවරුන් 34 තුළ කිසිදු ආසාදිතයකු හමු නොවූ බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඉන් 6 දෙනෙකුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 11:30

Related items