May 02, 2024

අවුරුදු සමරන්න ගමට යන්න කලින් PCR පරීක්ෂණ Featured

අලුත් අවුරුදු සඳහා ගම්බිම්බලා යන ජනතාව ඉලක්ක කරගෙන අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඊයේ (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ​ වෛද්‍ය සුදත් සමරවීර මේ බව සඳහන් කළේය.

එසේම අහඹු වශයෙන් සමාජය තුළ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අංශයන්ට PCR පරීක්ෂණ නොකරන බවට එල්ල කරන චෝදනාවන් සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් කිසිම අවස්ථාවක PCR පරීක්ෂණ නොකර සිටින්නේ නැති බවද ඒ මහතා අවධාරණය කරයි.

අවුරුදු සමයේදී මිනිසුන් ගම්බිම් වලට යාමේදී කොරෝනා රැගෙන යාමේ ප්‍රතිශතය වැඩි බවද එසේ ගම්බිම්වලට යාමේදී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කල යුතු බවද සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 14:33

Related items