April 30, 2024

රු.1500ට ගත හැකි PCR කට්ටලය ආණ්ඩුව රු.5500ට ගන්නේ ඇයි?

November 27, 2020

ඔක්තෝබර් 2 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ කැඳවන ලද ටෙන්ඩරයට අනුව රුපියල් 1200 - 1500 අතර මිලකට PCR කට්ටල ලබා දීමට සමාගම් ඉදිරිපත් ව සිටිද්දි තවමත් එක් කට්ටලයක් සඳහා රුපියල් 5500ක් ගෙවා පැරණි සැපයුම්කරු හරහා මිලට ගන්නා බව රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා අනාවරණය කරයි.

නවීන තාක්ෂණය හරහා නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ලෝකයේ බොහෝ සමාගම් PCR කට්ටල අඩු මිලට සපයන බව ද කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

එහෙත් මෙතෙක් හෙළිදරව් නොවූ හේතුවක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය අඩු මිලට PCR කට්ටල මිලට ගැනීමෙන් වැළකී සිටින බව ද  කුමුදේශ් මහතා අවධාරණය කරයි.

Rate this item
(0 votes)

Related items