April 30, 2024

ගුවන්තොටුපොළේ පි.සී.ආර් මුවාවෙන් කළ ගසා කෑමක් ගැන හෙලිදරව්වක් (VIDEO)

ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසනවා.

ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ

ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා ඇති බවත් ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ නොකර රට ඇතුළුට ඒමට අවස්ථාව දී ඇති බවයි.

හෝටල් නිරෝධායන සංකල්පය නිසා රටට ඇතුළුවන සංචාරකයින් හා ගුවන් මගීන් ගසා කෑමකට ලක්වූ බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මේ ගසාකෑම දිගටම සිදුවන විට රටට පැමිණෙන විට කරන පී.සී.ආර්. එක අත්‍යවශ්‍ය දෙයක් බවත් එය අත්‍යවශ්‍ය කිරීම හරහා හෝටල් නිරෝධානයනය හරහා දිගටම මේ ගසාකෑම සිදුවුණු බවයි.

ඔහු පළ කළ සම්පුර්ණ අදහස පහත වීඩියෝවෙන්, 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 October 2021 16:56