May 01, 2024

රැපිඩ් ටෙස්ට්වලට තිබෙන අවධානය PCR පරීක්ෂණ සඳහා නොමැතිවීම ප්‍රශ්නයක් - රවී කුමුදේශ්

November 16, 2020

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට අවධානය වැඩිවෙමින් පැවතීම තුළ PCR පරීක්ෂණ ධාරිතාව  යම් ප්‍රමාණයකට අඩු වී තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 

පසුගිය ඔක්තෝම්බර් මස 02 වැනිදා ඉල්ලා ඇති ටෙන්ඩරයට අදාළව PCR පරීක්ෂණ සඳහා තවමත් ප්‍රතික්‍රියක ගෙන්වා නොමැති බව කුමුදේශ් මහතා සඳහන් කරයි. 

මේ ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලට අනවශ්‍ය අවධානයක් යොමුකර PCR පරීක්ෂණ ධාරිතාව ගැන අඩු අවදානයක් යොමුකළොත් ඉදිරියේදී බරපතල අර්බුදයකට ලක්විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

එහෙයින් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක ලබා දීම සඳහා වහාම ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කරන ලෙස කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. එලෙස කටයුතු නොකළ හොත් ඉදිරියේදී වෛද්‍ය රසායනාගාර දැඩි අර්බුදයකට ලක්විය හැකි බව හෙතෙම අවධාරණය කරයි. 

එමෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන්නේ නම් අනිවාර්යයෙන්  ප්‍රතිදේහ පරීක්ෂාව කිරීම ගැනද අවධානය යිමුකළ යුතු බව  ඔහු වැඩිදුරටත් පවසන ලදී. 

Rate this item
(0 votes)