May 02, 2024

යුද හමුදාවට PCR යන්ත්‍ර ගෙන්වා ත්‍රිවිධ හමුදාව එක්ව රටේ PCR පරීක්ෂණ වැඩි කරනවා - හමුදාපති

November 06, 2020

යුද හමුදාව මේ වන විටත් PCR පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී තවත් PCR යන්ත්‍රයක් යුද හමුදාවට ගෙන්වා මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් විශාල ප්‍රමාණයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.  

"දැන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රථම වතාවට යුද හමුදාවෙත් PCR යන්ත්‍රයක් ගෙනල්ලා අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා යුද හමුදාවට තවත් PCR යන්ත්‍රයක් ලබා දුන්නා. තවත් පෞද්ගලික ආයතනයක් අපෙත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියේදී තවත් PCR යන්ත්‍රයක් ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදීලා ත්‍රිවිධ හමුදාව එකතු වෙලා මේ PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් වැඩි කිරීමට ඉදිරි මාසය තුළ අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා.  මේක තමයි අපට හමුදාවක් වශයෙන් රටට දිය හැකි සහාය හැම පැත්තෙන්ම කරන්නේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 November 2020 19:43