April 26, 2024

කොළඹ, ගම්පහ සියලු දෙනාට කොවිඩ් එන්නත දෙයි! එන්නත ගන්න කතා කළ යුතු දුරකතන අංක මෙන්න

February 27, 2021

කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි කොවිඩ් අධි අවදානම් ප්‍රදේශවල වාසය කරන අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම දිස්ත්‍රික්කයන්හි කොවිඩ් -19 වෛරසයේ වැඩි ව්‍යාප්තියක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කයන්හි අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම් හඳුනාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ.

තෝරා ගන්නා ග්‍රාම නිලධාරි වසම්වල සිටින ස්ථිර පදිංචිකරුවන්ට සහ තාවකාලික පදංචිකරුවන්ට එනන්ත ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

තෝරාගනු ලබන අධි අවදානම් ග්‍රාම නිලධාරි වසම්වල එන්නත්කරණ මධ්‍යස්ථානවලදී එම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් පුද්ගලයින්ට පමණක් එන්නත ලබාදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඒ අනුව අද දිනය තුළ එන්නත් 6,000ක ප්‍රමාණයක් ලබාදීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

“අද දිනය තුළත් කොළඹ නගරයේ, මාත්‍රා 6,000ක් දෙනා එන්නත්කරණයට භාජනය කරනවා වැඩිම රෝගීන් වාර්තා වු ප්‍රදේශ තෝරාගෙන. ඒ තමයි මෝදර බ්ලුමැන්ඩල්, කොටහේන‍්, ලුණුපොකුණ ග්‍රෑන්ඩ්පාස්, ජින්තුපිටිය හා කෙසෙල්වත්ත ආදි ග්‍රාම නිලධාරී කොට්ඨාස 19ක් අවුරුදු 30 ඉහළ සියලු දෙනාටම මෙම එන්නත ලබා දීම සිදුකරනු ලබනවා.“ යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සඳහා කොළඹ අවට සිටින පුද්ගලයින් ඇමතිය යුතු දුරකතන අංක පහතින්,

May be an image of text

Rate this item
(0 votes)

Related items