April 25, 2024

PCR වාර්තා ලැබීමට පෙර සමාජයේ සැරිසැරීම අනතුරුදායකයි

November 01, 2020

පී.සී.ආර් පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එහි වාර්තා ලැබීමට පෙර අදාළ පුද්ගලයින් සමාජය තුළ සැරිසැරිම අනතුරුදායක තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, මෙවැනි සිදුවීම් දිවයින පුරා වාර්තා වන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මේ පීසීආර් පරීක්ෂණ ගත්තහම සතියක් විතර ප්‍රමාදයක් තියෙනවා. සමහර තැන්වල. සමහර තැන්වල දවස් 4- 5ක්. එතකොට 20000ක පමණ ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙද්දි ලංකාව පුරා මේක ස්වභාවික තත්ත්වයක්. මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට යන තත්ත්වය යටතේ, ප්‍රායෝගික දුෂ්කරතා මධ්‍යයේ මේක කරන්නේ. ඒක නිසා අපි බොහෝම කාරුණිකව ඉල්ලනවා පීසීආර් පරීක්ෂණයකට තමන් භාජනය කළා නම් ප්‍රතිඵල එනතෙක් ඉතාම වගකීම් සහගතව හැසිරෙන්න. ඔබගේ ප්‍රතිඵල පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙගටිව් වෙන්නත් පුළුවන්. ඔබ කොළඹ ප්‍රදේශයේ පීසීආර් කරලා අනුරාධපුරේ යන්න එපා. මාතර යන්න එපා. ප්‍රතිඵල එනකොට ඔබ මාතර. එහෙටත් කරලා ඔබ. සමහර විට ඔබ පොසිටිව්. කරුණාකරලා පීසීආර් පරීක්ෂණයට ලක්කරපු ප්‍රදේශයේ රැඳිලා ඉන්න. වෙන තැන්වලට රෝගය ව්‍යාප්ත කරන්න එපා. මෙවැනි තත්ත්වයන් රට පුරා වාර්තා වෙලා තියෙනවා. මේක කණගාටුදායක තත්ත්වයක්.“

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 October 2020 19:57