March 29, 2024

ඉල්ලා අස් වු මුස්ලිම් ඇමතිවරු විපක්ෂ නායක හමු වෙයි Featured

සිය ධුරවලින් ඉල්ලා අස් වු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.

රිෂාඩ් බදියුර්දීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

Last modified on Saturday, 08 June 2019 13:12