April 26, 2024

ගම්මන්පිලගෙන් අමුතු කතාවක් : විපක්ෂයට උපදෙසක් - ආණ්ඩුව දැන් නම් ගන්න එපාම කියයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී අමුතුම කතාවක් කළා.

ඒ 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසි වාරය විවෘත කිරීමේ දී ජනපතිවරයා කළ රාජාසන කතාව පිළිබඳව විවාදයට එක්වෙමින්.

විපක්ෂයට පණිවිඩයක්

රට අද මුහුණඅ දී සිටින දැඩි ආර්ථික අර්බුදයට කොළ , නිල් , රතු , දුඹුරු , කහ ආදී සියලු පාට අයත් පක්ෂ වගකිව යුතු බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ රටේ පැවැති සියලු ආණ්ඩු මේ අර්බුදයට වගකිව යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරන්නේ විපක්ෂයටද සිහි තබා ගත යුතු පණිවිඩයක්ද ලබා දෙමින්.

කවුරුහරි මේ ආණ්ඩුව පෙරළා ආණ්ඩු බලය ලබා ගැනීමට සිහින දකිනවා නම් එසේ ආණ්ඩු බලය ලබා ගන්නවා කියන්නේ මේ අර්බුදයේ උච්චස්ථානයේදී පීඩනය බාරගන්නවා කියන එක බව සිහි තබා ගත යුතු බව අමාත්‍යවරයා එසේ ලබා දුන් පණිවිඩයයි.

වටු කුරුල්ලාගේ කතාව

මේ නිසා අද කළ යුතුව තිබෙන්නේ ජාතක පොතේ තිබෙන වටු කුරුල්ලාගේ කතාව මෙන් පක්ෂ භේද , වාද භේද පැත්තක තබා යටි දේශපාලන අරමුණු පසෙක තබා වටු කුරුලු රෑන සේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න දැල උස්සගෙන පියාඹන්න කාලය පැමිණ ඇති බවත් අමාත්‍යවරයා ආණ්ඩු - විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට මතක් කර දුන්නා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 අතුරින් කුමන හෝ මන්ත්‍රීවරයෙක් අනිත් කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්නේ නම් තමන් දෙසට ඇගිලි හතරක් දික් වන බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මේ අර්බුදයෙන් ගොඩ ඒමේ පළමු පියවරද ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

අර්බූදයට පිළියම

ඒ රට දරුණු ආර්ථික අර්බුදයක සිටින බව පිළිගැනීම බවයි.

ඇත්ත කෙතරම් තිත්ත එසේ වූණත් ඇත්ත ඇත්තම බව සඳහන් කළ අමාත්‍යවරයා මේ රටේ සැබෑ අයිතිකරුවන් වන ජනතාවට ඇත්ත දැන ගැනීමේ අයිතියක් තිබෙන බව පෙන්වා දෙනවා.

ඒ නිසා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ඇත්ත ජනතාවට කිව යුතු බවට ඔහු යෝජනා කරන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත් බැවින් එය තේරුම් ගන්නා  බවද අවධාරණය කරමින්.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනා මේ රටේ අයිතිකරුවන් නොවන බවත් රටේ අයිතිකරුවන් වන්නේ ජනතාව බවත් පාර්ලිමේන්තුවේ සිටින 225 කරන්නේ ඒ ජනතාව නියෝජනය කිරීම බවයි මතක තබා ගන්නා ලෙසටත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දෙවැනි පියවර වන්නේ මේ ආර්ථික අර්බුදය ගැන සැබෑ විග්‍රහයක් ඉදිරිපත් කිරීම බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 20 January 2022 13:22