April 27, 2024

එක පාරටම මැච් දිනන හේතුව බුද්ධික කියයි (VIDEO)

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමෙන් පසු ක්‍රිකට් තරග ජයග්‍රහණය කරන බව විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හු තැබූ බවත් ඒ මහතා පවසා සිටියා.

මේ වන විට ක්‍රීඩකයන් මාරු කර නැති බවත් පරිපාලනයේ නිවැරදි තීන්දු තීරණ මත ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීමට පටන් ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කරනවා.

වර්තමාන රජය ක්‍රීඩාව ක්‍රීඩකයන්ට භාර දී ඇති බවත් ක්‍රීඩාව ක්‍රීඩාවට අවශ්‍ය ලෙස කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බැවින් එය සාර්ථක වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)