April 26, 2024

තවත් ප්‍රදේශ කිහිපයක ගෑස් අනතුරු

December 01, 2021

දිවයින පුරා තැනින් තැන සිදුවන ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යෑම් ඊයේ සහ පෙරේදා දිනයේ බහුලව වාර්තා වුණා.

පෙරේදා දිනයේ තුළ පමණක් මේ ආකාරයේ සිදුවීම් 16 ක් වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ ගෑස් ආශ්‍රිත හදිසි අනතුරු සංඛ්‍යාව 20ක්.

දිනෙන් දින ඉහළ යන ගෑස් ආශ්‍රිත මෙම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි පිළිතුරක් ලබාදීමට රජයේ හෝ අදාල ගෑස් සමාගම් මෙතෙක් සමත් වී නැහැ.

මහනුවර, අකුරණ, මැංගුස්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයකට සවිකර තිබූ ලිපක් පුපුරා ගොස් විනාශ වී තිබෙනවා.                     

අද (01) අලුයම 12.30ට පමණ මෙම පිපිරීම සිදු වූ බවත් පිපිරීමෙන් කිසිවෙකුට හෝ හානියක් සිදු නොවූ බවත් එම නිවැසියන් සඳහන් කරනවා.                                                                                             

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිවසේ තිබූ ගෑස් ලිපක් මෙලෙස පිපිරී ගොස් ඇති අතර අලවතුගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

මේ අතර තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගෑස් උදුන අද (01) දින පුපුරා ගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසුවා.

අද (01)දින උදෑසන 11.00 ට පමණ නිවාස හිමියා ගෑස් උදුනෙන් ජලය රත්කර තේ සෑදිමෙන් අනතුරුව ගැස් උදුන ක්‍රියා විරහිත කර නිවසින් එළියට පැමිණි අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගෑස් නලය සහ ගෑස් උදුන පුපුරා ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පිපිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධික්ෂණය යටතේ පොලිස් ස්ථාන පරික්ෂණ නිලධාරින් (SOCO)  යටතේ පරික්ෂණ පවත්වන බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 13:42