April 26, 2024

ගෑස් ලීක් වුණත් සමාගමෙන් භාර ගන්නේ නෑ - ජනතාව ලොකු අවුලක (PHOTOS)

November 29, 2021

හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගෑස් අලෙවි නියොජිතයාගෙන් ඊයේ (28) දින මිලදී ගන්නා ලද ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා විසින් හැටන් පොලිසියට දැනුම් දි තිබෙනවා.

මිලදී ගන්නා ලද ගෑස් සිලින්ඩරයේ මුද්‍රාව ඉවත් කර ගෑස් සිලින්ඩරය , ගෑස් ලිපට සම්බන්ධ කිරිමට ප්‍රථම සබන් පෙන යොදා පරික්ෂා කිරිමේදි මිලදී ගන්නා ලද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති බවට තහවුරු වීමත් සමග එම පාරිභෝගිකයා ගෑස් සිලින්ඩරය නිවසින් බැහැර කිරිමට පියවර ගෙන තිබෙනවා .

එසේ ගෑස් කාන්දු වන සිලින්ඩර ආපසු භාර ගැනිමට තමන්ට ගෑස් සමාගමෙන් කිසිදු උපදෙසක් මේ වන තෙක් ලැබි නොමැති බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 18:31