April 27, 2024

තවත් ප්‍රදේශ 6ක ගෑස් පිපිරීම් - අද දවසට 8ක් (PHOTOS)

November 29, 2021

හංවැල්ල දික්හේන, පාදුක්ක, මාරවිල, හැටන් , හලාවත සහ යාපනයේ අද දින ගෑස් අනතුරු වාර්තා වුණා).

හලාවත සහ මාරවිල ප්‍රදේශවලින් ගෑස් අනතුරු දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

හලාවත- කාක්කාපල්ලිය, සේමාඉරිප්පුව ප්‍රදේශයේ නිවසක ඊයේ (28) සවස ගෑස් සිලින්ඩරයකට සවි කර තිබූ රෙගියුලේටරයක් පුපුරා ගොස් තිබෙනවා. ගෑස් සිලින්ඩරයට සවි කර තිබූ රෙගියුලේටරය ගලවා ගත් අවස්ථාවේ තම අතේම එය පුපුරා ගිය බව ගෙගිමි කාන්තාව කියා සිටියා.

තමන් කෙටි කෑම සාදා ජීවත් වන බවත් අනතුර සිදු වන අවස්ථාවේදී සැමියා නිවසේ නොසිටි බවත්, ගැබිණියක වන තමන් සහ දියණිය පමණක් නිවස තුළ සිටි බවද ඇය කියා සිටියා. මෙම අනතුර හේතුවෙන් තමන්ට හෝ ලැබෙන්නට සිටින දරුවාට අනතුරුක් සිදු වූයේ නම් එයට වග කියන්නේ කවුද යන්නද ඇය විමසා සිටියා.

දින දෙකකට පමණ පෙර මිළදී ගත් ගෑස් සිලින්ඩරයකින් සේවය ලබා ගනිමින් සිටින විට මෙම අනතුර සිදුවූ බවද ඇය කියා සිටියාය.

මේ අතර අද (29) පෙරවරුවේ මාරවිල - ගරාජ් පාර නිවාසයක ගෑස් සිලින්ඩරය සවි කර තිබූ ලිපක් පුපුරා ගොස් තිබෙනවා. පිපිරීම සිදු වන විට තමන් එම ස්ථානයේ නොසිටි නිසා අනතුරක් සිදු නොවූ බව ගෙහිමි කාන්තාව කියා සිටියා.

සැමියාද අහිමි තමන් රස කැවිලි නිෂ්පාදනය කර ජීවිකාව කරගෙන යන බවත්, මෙම සිද්ධියෙන් අනතුරුව තමන්ගේ වෘත්තීයද නැවතී ඇති බව ඇය කියා සිටියා.

දින 05 කට පමණ පෙර තමන් මෙම ගෑස් සිලින්ඩරය මාරවිල ප්‍රදේශයේ අලවි නියෝජිතයෙකුගෙන් මිළදී ගත් බවද ඇය කියා සිටියා.

මේ අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් අද (සිදු වී ඇති බව අප හැටන් වාර්තාකරු පැවසුවා.

එම වෙලදසැලට හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අද (29) දින උදෑසන 8.30ට පමණ පිපිරිම සිදු වු බවයි එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේ.

තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, අද (29) දින උදෑසන ආහාර පිසිමින් සිටියදි ගෑස් ටැංකිය සහ ගෑස් ලිප අතර ගෑස් බට නලය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

ගින්නෙන් වෙලදසැලට හානි සිදු වි ඇති බවත්, පිසමින් සිටි ආහාර පාන විනාශ වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

මේ අතර හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙන විත් තිබූ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති බව අප වාර්තාකරු පැවසුවා. ඒ ඊයේ (28) රාත්‍රී ගෑස් ලිපට සවිකර උණු වතුර රත් කිරීමට ගෑස් ලිප දල්වා විනාඩි කිහිපයකදී ගෑස් ලිප පුපුරා ගිය බව එම නිවැසි කාන්තාව පැවසුවා.

අදාල සිලින්ඩරය නිවසට රැගනවිත් දින කිහිපයක් ගත වූවද මුලින්ම ලිපට සම්බන්ධ කර ඇත්තේ ඊයේ රාත්‍රී වන අතර එම නිවැසියන් පුරැද්දක් ලෙස ගෑස් සිලින්ඩරය නිවසින් පිටත තබා ඇති බවත් ගෑස් ලිප කැබැලි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියට පැමිණිලි කල බවද එම නිවැසි කාන්තාව පැවසුවා.

මේ අතර පාදුක්ක අරැක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් ලිපකට සම්බන්ධ කර තිබූ ගෑස් නලයක් ද පුපුරා ගිය බව එම ආපනශාලාවේ හිමිකරු සඳහන් කළා.

මේ අතර යාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්‍රදේශයේදී අද (29) අලුයම් කාලයේදී ගෑස් ලිපක් පුපුරා ගොස් ඇතැයි නිවැසියන් පවසා සිටියා.

ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිපට සවිකොට ඇති රෙගියුලේටර වයරයද උණුවී ඇති බවටත් හිමිකරු විසින් ගෑස් ලිප පත්තු කොට වෙනත් කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස ගෑස් ලිප පුපුරා ගිය බවද නිවැසියන් පවසා සිටියා.

ගෑස් ලිප පුපුරා යන අවස්තාවේදී කිසිවෙක් සමීපයේ නොසිටීම නිසා හානිය අවම වූ බවටත් ගෑස් ලිප මෙලෙස පුපුරා යාමට නිශ්චිත හේතුවක් නොමැති බවටද වයරයද උණු වී තිබීම සැකයක් උපදින බවටද නිවැසියන් වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 17:43