April 27, 2024

කෘෂි ඇමති පළිබෝධනාශක ආනයනකරුවන් ගෙන්වයි! දුන් නියෝගය මෙන්න

November 24, 2021

පළිබෝධනාශක ආනයනකරුවන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ද අද (23) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එහිදී එළවළු සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම දැනට ආනයනකරුවන් සතුව පවතින දිලීර නාශක සහ පළිබෝධනාශක සහනදායි මිල ගණන් යටතේ අලෙවි කිරීමටත් උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධූරයෙන් පහ කළයුතු බවට සිදුකරන ලද ප්‍රකාශය දැඩි ලෙස හෙළාදකින බව ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසයි.

එම තීරණය වහාම නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Rate this item
(0 votes)