April 27, 2024

වී අලෙවි කිරීමේ ජාවාරමක්! රජය වී මිලදී ගැනීම නවතයි - කෘෂි ඇමති ගොවීන්ට කොකා පෙන්වයි

February 16, 2022

වී මෝල් හිමියන් සහ අතරමැදියන් සිදුකරන ජාවාරමක් පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා අනාවරණයක් සිදු කළා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ඇතැම් වී මෝල් හිමියන් සහ අතරමැදියන් මීට පෙර කන්නවලදී මිලදී ගත් වී තොග වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි.

මේ හේතුවෙන් මහ කන්නයේ අස්වැන්න මෙතෙක් නොකපන ලද ප්‍රදේශවලින් මිලදී ගැනීම නතර කළ බවයි ඔහු අවධාරණය කළේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අස්වනු මේ දිනවල නොකැපුවත්, එම ප්‍රදේශවලින් මණ්ඩලයට වී ලැබී තිබූ බව අමාත්‍යවරයා කියා සිටියා.

වී මෝල් හිමියන් සතු පැරණි වී තොග මණ්ඩලයට මෙලෙස එවා ඇතැයි තහවුරු වන බව අනාවරණය කරන අමාත්‍යවරයා මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද මෙවැනි සිද්ධීන් වාර්තා වූ බව සඳහන් කළා. 

රජයේ ප්‍රධාන අරමුණ ගොවියාට වී අස්වනු සඳහා වැඩි මුදලක් දීම වූවත්, අතරමැදියන් සහ වී මෝල් හිමියන්ට එම අවස්ථාව නොලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

වී මෝල් හිමියන් සහ අතරමැදියන් පිරිසක් මෙලෙස පසුගිය කන්නවලදී අඩු මිලට මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 6000 ක පමණ තොගයක් මණ්ඩලයට අලෙවි කර තිබුණා.

මණ්ඩලය දැනට වී මිලදී ගන්නේ වී අස්වනු කැපෙන ප්‍රදේශවලින් පමණයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 February 2022 10:09

Related items