March 29, 2024

ඇමැති මහින්දානන්ද තදින් - නිලධාරීන් දෙදෙනෙකුත් දොට්ට දමයි

February 19, 2022

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 2ක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධාන වල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඇරඹුණා.

ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙලි වුනේ අදාල වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සදහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවයි.

අදාල නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කලමණාකාරවරියගේ සේවය , කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරුණා.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදිනම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද භාර දී තිබෙනවා.

Rate this item
(0 votes)

Related items