April 26, 2024

ගොඩක් අය හදනවා ජනාධිපතිතුමාව අවුස්ස ගන්න - ඇමති ජොන්ස්ටන්ගෙන් සැර කතාවක් (VIDEO)

November 22, 2021

කොවිඩ් වසංගතය නිසා ආර්ථික වශයෙන් සහ විවිධ ප්‍රශ්න නිසා ගැටලු රාශියකට මුලු ලෝකයම අර්බුදයකට ලක්වී ඇති අවස්ථාවක සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ස්තූතිය පළ කරන බව මහාමාර්ග අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(22) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

ඔහු එහිදී අදහස් පළ කරමින් මෙසේද සඳහන් කළා.

"මේ අයවැයේ දී ග්‍රාමීය ජනතාවට බිලියන ගණන් මුදල් වෙන් කරලා තියෙනවා. ගෘහ ආර්ථිකය නංවාලීම සඳහා මිලියන 31,000ක් මව්වරුන් සදහා පෝෂණ මල්ල අවුරුදු දෙකක් සදහා දීර්ඝ කරලා තියෙනවා. දිලිදු ජනතාව සදහා සහන මල්ලක් ලබා දීල තියෙනවා. සහන මල්ල අවශ්‍යම වෙලාවෙදි බිලියන 15ක් මුදල් ඇමතිතුමා වෙන් කරලා තියෙනවා. ඒ ගැන කිසිම කතාවක් නැහැ. ගිය අවුරුදු දෙකේම කරේ මඩ ගහන එක. ඊළගට කොවිඩ් අර්බුදය නිසා රටේ ඉන්න අහිංසක ත්‍රීවිල් මහත්මයාට, පුද්ගලික බස් සංගමයේ හිමියන්ට වගේම මේ හැම කෙනෙක්ටම විශාල මුදලක් වෙන් කරලා තියෙනවා මේ අමාරු කාලයේ දී. ආර්ථිකය බලපා තියෙන ආකාරය නිවැරදිව සොයා බලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්මේ පොරොන්දු වුනා සියලු උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා. එතුමා කිව්වා වගේම කොවිඩ් අර්බුදය තියෙන අමාරු වෙලාවක දී අපේ ගම්වල ඉන්න අහිංසක අම්මල තාත්තලාගේ ඉගෙනගත්ත දරුවෝ 57,000කට උපාධීදාරී පත්වීම් දුන්නා විතරක් නෙවෙයි. මේ අයවැයේ දී බිලියන 7.6 ක් නැතිනම් ලක්ෂ 76,000ක් වෙන් කරලා තියෙනවා ඒ අහිංසක දරුවන්ව ස්ථිර කරන යෝජනාවලට. ජනාධිපතිතුමා පොරොන්දු වුණා ලක්ෂයකට රැකියා දෙනවා කියලා. එයින් පළවෙනි අවරුද්දේ 37,000කට රැකියා දුන්නා. එනිසා අමාරු කාලයක දී, ඒ හැම දෙයක්ම අමාරුවේ වැටුණු මිනිස්සු අමතක කරන්නේ නැතිව කතාවට පමණක් සීමා කරන්නේ නැතිව මේ අය වැයෙන් දැවැන්ත මුදලක් අහිංසක ගම්වල ඉන්න මිනිස්සුන්ට මුදල් ඇමති ප්‍රමුඛ අපේ රජය වෙන් කරලා දීල තියෙනවා කියලා මතක් කරන්න කැමතියි.

ලැබුණු රට ඉතාම අමාරු රටක්

අපි පහුගිය අවුරුදු දෙක තුල දැක්කේ මොනවද. අපිට ලැබුණු රට ඉතාම අමාරු රටක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දුන්න රට නෙවෙයි 2019 දි හම්බ වුණේ 2015 වෙනකොට 2005න් ආරම්භ කරලා 6.2 ට තිබුණු ආර්ථික වර්ධන වේගය 2006 දි 7.7 යි 2007 6.8 2008 0.6 යි. 2009 3.5 යි. ලෝක ආර්ථික අර්බුදයක් තිබුණ වෙලාවක් ඒ වෙලාව. 2010 දි 8යි. 2011 දි 8.2යි. 2012 දි 6.3යි. 2013 7.2යි. 2014 බාර දෙනකොට 7.4යි. ආර්ථික වර්ධන වේගය දෙවෙනි උනේ චීනයට පමණයි. පහුගිය රජය කිව්වා අලුත් රටක් හදනවා කියලා. මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් හදනවා කිව්වා. ඊළගට කිව්වා දින සීයේ වැඩපිලිවෙලක් හදනවා කිව්වා. ඒ දින සියයේ වැඩපිළිවෙල අපිට හොදට මතකයි. මහ බැංකුව හොරාකාලා මේ රටේ හදවත වගේ තිබුණු මහ බැංකුවේ මුදල්වලින් තමයි තමුන්නාන්සේලා මැතිවරණය කෙළේ. මේ ඉන්න අය ගොඩක් අය ලක්ෂ 50, 100, 150 , 200 ගණන් ගත්තා. එහෙම තමයි දවස් සීයකින් අලුත් රටක් හදනවා කියලා කිව්වේ.

ප්‍රතිපත්ති වෙනස් කරපු ආණ්ඩුවක්

ඊළගට මේ අයගේ ප්‍රතිපත්ති වෙනස් වෙච්ච ආකාරය 2015 ජූලි 23 කිව්වා මාස 60කින් අලුත් රටක් ගැන පංචවිද ක්‍රියාවලිය ගැන කිව්වා. 2015 නොවැම්බර් 05 නැවත වෙනස් කළා. රට හදන ආර්ථික වැඩපිළිවෙල 2016 දි ජනවාරි මාසයේ නැවත වෙනස් කළා. මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන ගැන කිව්වා. 2016 ඔක්තෝබර් 27 රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය ගෙනල්ලා කියලා කිව්වා. 2017 ජනවාරි 07 තිරසර යුගයක් සදහා නව ආර්ථික සැලැස්මක් කියලා කිව්වා. නැවත 2018 අගෝස්තු 22 වෙනස් කෙරුවා තුන් අවුරුදු නව ආර්ථික සැලැස්ම. නැවත වෙනස් කළා සැප්තැම්බර් මාසයේ දී. 2025 පෝසත් රටක් අට අවුරුදු සැලැස්මක්. 2018 දි කිව්වා නියම ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙල පටන් ගන්නේ දැනුයි කියලා. මේ වගේ විටින් විට ප්‍රතිපත්ති වෙනස් කරපු ආණ්ඩුවක්. අන්තිමට මොකද්ද සිද්ද වුනේ. ආර්ථික වර්ධන වේගය 2015 පහලට දැම්මා. 2017 දී 3.6ට දක්වා පහල දැන්මා. 2018 3.3 කට පහල දැම්මා. 2019 දි 2.3 කට බැස්සුවා. දැන් හිටපු මුදල් ඇමතිතුමත් නැහැ. රාජ්‍ය ඇමතිකෙනෙක් හිටියා, මොනතරම් බය වුනාද කියනවා නම් ඡන්දය ඉල්ලන්නේ නැතිව ජාතික ලැයිස්තුවෙන් ආව රාජ්‍ය මුදල් ඇමති කෙනෙක් තමයි හිටියේ. එනිසා අපි තමුන්නාන්සේලාට මතක් කරනවා, තමුන්නාන්සේලා අහනවා පහුගිය අවුරුදු දෙකේ අපි මොනවද කරේ කියලා.

ආර්ථික වර්ධන වේගය වට්ටලා , දුෂණයෙන් පිරිණු රටක් නිර්මාණය කරලා, හොරකම ඉහවහගිය රටක්. හැම අමාත්‍යාංශයකින්ම බැලුවේ කොහොමද හොරකම් කරන්නේ කියලා. මහ බැංකුවට නායකයෝ බැහැලා හොරා කාලා තමන්ගේ ගෝලබාල මන්ත්‍රීවරු දාලා හොරකම් යටපත් කරන්න හදපු අය තමයි හුගක් අද මෙතෙන ඉන්නේ. ගොඩක් අය පැරදුනා. ඒක තමයි ඉතිහාසය. ඒව මේ රටේ ජනතාවට අමතක නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ මට රාජ්‍ය බලය ලබා දෙන්න, මාව ජනාධිපති හැටියට ජයග්‍රහණය කරවන්න කියලා. එතුමා කාටවත් මඩගහන්නේ නැ. මම වැඩකරන ජනාධිපතිවරයෙක් කියලා කිව්වා. මේ රටේ කිසිම ආණ්ඩුවක් විභාගය පාස් නොවුණු අයට රැකියා දුන්නේ නැහැ. 

රට ගොඩනගන්න අපි සූදානම්

අමාරු වෙලාව දී කොවිඩ් අර්බුදය තිබිය දී කොවිඩ් වලට අවශ්‍යකරන බෙහෙත්, වැක්සින් එක ගේන්න උවමනා සල්ලි ලබා දුන්නා. මේ හැමදෙයක්ම හොයාගත්ත වෙලාවක දී තමන් දුන්න පොරොන්දු අමතක නොකර අහිංසක 37,000ක ජනතාවට රැකියා ලබා දුන්නා.

තමුන්නාන්සේලා මොනවද කෙළේ. මහ බැංකු දත්ත අනුව තමුන්නාන්සේලා 2015 වෙද්දි පළවෙනි මාස 08 රස්සා තුන්ලක්ෂ හතලිස්දාහක ජනතාවගේ රැකියා නැති කෙරුවා. ඒ විදියට තමයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුව කටයුතු කෙරුවේ. දැන් ඉන්නේ හරියට නිකන් සියලුම දේවල් අමතක වෙලා නිදිපෙත්තක් ගහලා නින්දෙන් ඇහැරුනා වගේ. ඊලගට දැන් කියනවා රට බාරගන්න සූදානම් කියලා. රට ගොඩනගන්න අපි සූදානම් කියලා කියනවා. රට ගොඩනගපු හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ. පසුගිය ආණ්ඩුව මේ රට විනාශ කෙරුවා. ජාතික ආරක්ෂාව නැතිකරා. හැම දෙයක්ම විනාශ කෙරුවා විතරක් නෙවෙයි, දේශපාලන පලිගැනීම් කරන්න හැදුවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන පලිගැනීම් නොකර මනුස්ස කමින් මේ රට පාලනය කරද්දි මනුෂ ලා කියනවා පලිගන්න හදනවා කියලා. තව තව කියන්න. ඒ විදියට ඔබතුමන්ලා පලිගන්න ගිහින් තමයි තුනෙන් දෙකේ බලයක් අපිට ලැබුනේ. මනූෂට තියෙන්නේ පලිගැනීමේ චේතනාවක්. රට හැදීමේ නෙවෙයි. ඒකතමයි ඇත්ත. ඊලගට දැන් මඩ ගහනවා.

මඩ ගහනකොට සීමාවක් තියා ගන්න

ඒ නිසා දැන් කියන්නෙ කොමිස් වලින් බඩ වඩා ගන්නවා කියලා. ඕක 2015 ඉස්සල්ලත් අපි ඇහුවා. පාරවල් හදනවා කිව්වහම කිව්වෙ රත්තරන් වලින් හදන්න පුළුවන් ඇස්තමේන්තු සකස් කරන්නෙ කියලා කිව්වා. පාරවල් වලින් ගහපු හැටියි ගසාකාපු හැටියි මමඅමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. බිලියන 66 ට මාවත් 6ක් තිබුන එක මාවත් 4 කට අඩු කරලා බිලියන 66 කට දුන්නේ තමුන්නාන්සේලා පළවෙනි මාස තුනේ. එහෙම තමුයි තමුන්නාන්සේලා හොරකම් කෙරුවේ ඒ කාලේ. ඒ නිසා අපි මතක් කරනවා. දැන් කියනවා, රාජපක්ෂ පවුලට සීයට හැටහතරක් දීලලු අයවැයෙන්. අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ සීයයට 29 යි. අපි අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වෙ, මම එතුමගේ නම මතක් කරන්න කැමති නැහැ. මම හිතන්නේ එතුමට වැරදිලා ඇති. සියයට 29 යි දීලා තියෙන්නේ. ඒ සියයට 29 නුත් 15% ක් දීලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. ඊලගට අධ්‍යාපනයට දීලා තියෙනවා 8% ක්, ඊලගට සෞඛ්‍යට දීලා තියෙනවා 7.31% ක් ඒ දෙක විතරක් 16% යි. රාජපක්ෂ නමක් නැහැනේ දිනේෂ් ඇමතිතුමාටයි කෙහෙලිය ඇමතිතුමාටයි. ඒ හින්දා මඩ ගැසීමේ සීමාවක් තියාගන්න. තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න කැපවුණු අය එදා.

හැබැයි මඩ ගහනකොට සීමාවක් තියා ගන්න. දැන් තමුන්නාන්සේලාගේ අවුරුදු පහක ආණ්ඩුක් තිබුනනේ. මනූෂ නානයක්කාර මහත්තයා සොහෙනක් ගැන කතා කරනවා.ඔය සොහොන් වලට හිරේ දාන්න තමුන්නාන්සේලා කටයුතු කරපු ආකාරය මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ වැසිකිළි වලවල් පවා අය තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා එදා කෙරුවේ වැඩ කිරීම නෙවෙයි රටේ ආර්ථිකය හදන්න නෙවෙයි. තරුණ තරුණියන්ට රස්සා දෙන්න නෙවෙයි. ඔබතුමන්ලා කළේ පලිගන්න එක. පලිගැනීමේ චේතනාව තිබුණේ. වැඩබැරි මිනිස්සු ටිකක් එකතුවෙලා පලිඅරගෙන මේ රටේ ආර්ථිකය බිංදුවට වට්ටපු මිනිස්සු හැටියට ඔබතුමන්ලා ඉතිහාසගත වෙනවා. ඔබතුමන්ලා හිතනවානම් මේ ආණඩුව පෙරලන්න පුළුවන් කියලා ඉක්මනින් අපේ එක්කෙනෙක් දෙන්නෙක් කරන ප්‍රකාශවල තමුන්නාන්සේලා එල්ලිලා හිතනවා නම් මැතිවරණයකින් දිනන්න පුළුවන් කියලා ඔබතුමන්ලාට වැරදිලා. කොවිඩ් එක නොතිබුණානම් පළාත් සබා මැතිවරණය තියලා ඉවරයි. එහෙම වුණා නම් ඔබතුමන්ලා අන්ත පරාජයක් ලබනවා. ඒ නිසා අපි කියනවා මැතිවරණ තියන්න පුළුවන් සුදුසුම දවසේ දී ඉක්මනින්ම මැතිවරණය තියනමු. එතකොට ඔබතුමන්ලාට මේ රටේ ජනතාවගේ දඩුවම ලැබෙයි. අද තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව ගෙන යන උද්ගෝෂණයක් නෙවෙයි. අද තියෙන්නේ විපක්ෂ නායකතුමාව රැකගන්න උද්ගෝෂණයක්. විපක්ෂ තුමාගේ කකුලෙන් අදින්න සැලසුම් සකස් කරනවා ඒ වගේ තවත් අය සැලසුම් සකස් කරනවා. ඒ නිසා සජිත් කිව්වේ චැම්පියන් කෙනෙක් ඕනේ කියලා. අද චැම්පියන් කෙනෙක් තමයිගෙනත් තියෙන්නේ. ගෝටාභය රාජපක්ෂ දුෂණයෙන් තොරව මේ රට පාලනය කරගෙන යනවා.

නන්දසේන කියන නමත් සමහර අයට ප්‍රශ්නයක්

පොහොරවලින් හොරකම් කරා කියලා කියනවා. එහෙනම් ඔබතුමන්ලාට පුළුවන් පැමිණිලි කරන්න. අපේ කාලයේ අපි පැමිණිලි කෙරුවා. ඒ අවශ්‍ය ලිපිලේඛන අපි ලග තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ට අවශ්‍ය මේ රට දියුණු කරන්න. ගොඩක් අය හදනවා එතුමන්ව අවුස්ස ගන්න. අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිලු. අද මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන නිසා තමයි එතුමන්ට පිස්සා කියන්න පුලුවන්. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් අද මේ රටේ ඇති කරලා තියෙනවා.

එතුමන්ට පිස්සො ටිකක් පිස්සා කියලා කිව්වාට අපි කලබල වෙන්නේ නැහැ. එතුමන්ගේ නම ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. එතුමාගේ නමත් ප්‍රශ්නයක්. ගොඩක් අයට එතුමන්ගේ නම හොයාගන්නත් බොහොම කාලයක් ගත වුණා. නන්දසේන කියන නමත් සමහර අයට ප්‍රශ්නයක්. එතුමන් බොහොම සරල ලෙස ඇදන් දිවුරුම් දෙන්න පාර්ලිමේන්තුවට ආවත් සුදු ඉර කපලා ආවා කිව්වා. එතුමන් ගෙදර ඉදලා වැඩ කිරීම ගැනත් සමහර අයට ප්‍රශ්නයක්.

ජනාධිපති සරල උනාමත් ප්‍රශ්නයක්

අපිට මතකයි සමහර අය කියනවා අපි රට පාලනය කරන්නේ ගමේ ඉදලා කියලා. නිල නිවාස වලට යන්නේ නැහැ කිව්වා. සමරහරු නිල වාහන වල යන්නෙ නැහැ කිවිවා. එතුමා ගැන මම සතුටු වෙනවා එතුමා විපක්ෂනායකයාට අයත් සියලු වාහන සියල්ල පාවිච්චි කරනවා. අපි අද විරුද්ධ වෙන්නේ නැහ. එතුමා විපක්ෂ නායකයා හැටියට රට වටේ යන්න කුඹුරුවල තෙමෙන්න ප්‍රෙට්‍රල් ටික පවා ආණ්ඩුව දෙනවා. එහෙම යන්න ලීටර් පහයි අපි අඩු කරන්නේ.

ජනාධිපති සරල උනාමත් ප්‍රශ්නයක්. එතුමා වෙඩි මුර නොතිබ්බත් තේජස් කමින් දිවුරුම් දුන්නේ නැති උනත් ප්‍රශ්නයක්. හරි ගෞරවයක් දුන්නේ නැහැ කියනවා. එතුමන් නිල නිවසට ගියා නම් අනුර කුමාර ලයිට් බිලත් පෙන්නලා මෙච්චරයි ගෙවලුත් හදලා කියලා. සරල ජනාධිපති කෙනෙක් ආවම අගය කරන්න. ඔබතුමන්ලා ප්‍රතිපත්තිගරුක අය නම් එය අගය කරන්න. අගය කිරීම ඉතාමත්ම හොදයි කියලයි අපි දකින්නේ. ඊලගට කියනවා සාගතයක් එනවා කියලා. එහෙම සාගතයකට ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ජනතාව බඩගින්නේ තියන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉඩතියන්නේ නැහැ. ඊළගට මේ අය එවනවා ප්‍රචාර ප්‍රෙට්‍රල් නැහැ කියලා අර ආනන්ද පාලිත. මම ජාතික සේවා සංගමය භාරව ඉද්දී එතුමා හිටපු වෘත්තීය සමිති නායකයා. ඒක කිරිඇල්ල ඇමතිතුමත් දන්නවා එතුමන්ව. දැන් එතුමන් තමයි සජබයේ වෘත්තීය සමිති සංවිධායකයා. උදයගම්මන්පිල මැතිතුමා හරි ප්‍රකාශය කරපුවාම , එතුමා කියනවා දැන් ප්‍රෙට්‍රල් නැහැ කියලා. මොනවාද මේ කරන්නේ. අපිට ඔබතුමන්ලාට ඡන්දය දුන්න අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ව රවට්ටනවා. මිනිසුන්ව අවුස්සලා පෝලිම් ගස්සනවා. ජනතාව කලබල වෙලා ප්‍රෙට්‍රල් පෝලිම්වල ඉන්නවා. නමුත් එහෙම ගැටලුවක් නැහැ. තමුන්නාන්සේලාගේ කාලයේ කොවිඩ් අර්බුදයක් තිබුණද. ජනතාව දන්නවා කොවිඩ් අර්බුදය විශාල අර්බුදයක් කියලා. ආර්ථිකයට මරු පහරක්. ඒ නිසා ඒ අර්බුදය තිබුණත් අපේ ජනාධිපතිතුමා ඉතාමත් හොදට රට පාලනය කරනවා. අපි සාර්ථකව එන්නත්කරණය සිදුකළා. වැක්සින් ගෙනාපුවාම නොයෙකුත් අවලාද නැගුවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාම උපක්‍රමශීලීව ජනතාව ආරක්ෂා කරා. එන්නත් කරණයෙන් පළවෙනි රටවල් දහය අතරට ආවා. වැක්සින් එක ගන්නෙ නැහැ කියපු ප්‍රෙමදාස මහත්තයාත් අවසානයෙ දී හොදම වැක්සින්එක ගන්න උනා.

අපි සතුටු වෙනවා මේවගේ අමාරු වෙලාවක මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම ගැන. මම නැවතවාරයක් මුදල් ඇමතිතුමාට සාර්ථක අයවැයක් ඉදිරිපත් කරාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නිවැරදි පාලනයක් මේ රටට ගෙන ඒම ගැන එතුමන්ට ස්තූතිවන්ත වෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:58

Related items