May 07, 2024

ගොවියන්ගේ ඉවසීම නැතිවෙයි - ඇමති මහින්දානන්දගේ අනුරුවටත් ගිනි තියයි (PHOTOS)

රසායනික පොහොර සහ කෘමි නාශක ලබා දෙන ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයකදී කෘෂි කර්ම අමාත්‍යවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනු රුවකට ගිනි තබා විනාශ කිරීමටද එයට සහභාගි වූ පිරිස කටයුතු කළා.

ඊයේ (10) දිනයේ කල්පිටිය අර්ධද්වීපයේ - පනිඅඩිය ප්‍රදේශයේ මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.

ප්‍රමාණවත් තරම් රසායණික පොහොර නොලැබීමෙන් තම වගා බිම් සාරවත් කර ගැනීමට නොහැකි බව උද්ඝෝෂණයට එක්ව සිටි කල්පිටිය අර්ධද්වීපයේ ගොවීන් පවසා සිටියා.

එමෙන්ම වගාවන් අතර පැතිර යන විවිධ රෝගවලට ඔරොත්තු දෙන කෘමි නාශක නොමැතිකම නිසා වගා කටයුතු අතහැර දැමීමට සිදුවී ඇති බවද ඔවුන් පැවසුවා.

වගා බිම් සාරවත් කිරීමට අවශ්‍ය රසායනික පොහොර සහ කෘමි නාශක කඩිනමින් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට කෘෂි කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වන බවද උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස සඳහන් කළා.

මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

(ජූඩ් සමන්ත - පුත්තලම)

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 October 2021 16:57