May 04, 2024

කහ සිලින්ඩරයේ ගෑස් මිලත් ඉහළට - නව මිල ගණන් මෙන්න

ලාෆ් ගෑස් සමාගම විසින්ද සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා වන මිල ඉහළ දමා ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2840කින් ඉහළ දමා තිබෙනවා.

කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1136ක් දක්වා ඉහළ දමා ඇති තිබේ.

මෙම නව මිල ගණන් හෙට සිට ක්‍රියාත්මක වනු ඇති බවටයි සඳහන් වන්නේ.

මීට පෙර ලිට්රෝ ගෑස් සමාගම විසින් ද සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257කින් ඉහළ දමනු ලැබූ අතර එහි නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 2,570ක්.

පසුගිය 07 වැනිදා අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක් සඳහා වන පාලන මිල ඉවත් කිරීමත් සමඟ මෙම මිල ගණන් ඉහළ යෑම සිදුවුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 October 2021 23:56