May 19, 2024

වාහන තහනමෙන් පසු තවත් තහනමක් - ගෙන්වීම තහනම්වන භාණ්ඩ මෙන්න Featured

සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට ඇති භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

රට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම්වන බව යි වාර්තා වන්නේ.

ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විළවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් මෙලෙස සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට ඇති බවත් ඒ අනුව ඒවා සඳහා ආනයන සීමා පැනවෙනු ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් මෙම සීමාවන් පැනවෙන දිනය පිළිබඳව හෝ එම සීමා කොතෙක් කළක් බලපැවැත්වෙන්නේ ද යන්න පිළිබඳව හෝ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වූවා.

එහෙත් මේවන විටත් සීමා පැනවිය යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම මහ බැංකුවට පවරා ඇති බව පැවසෙනවා.

මේ පිළිබඳ සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතබව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ රට තුල මේවන විට බරපතල විදේශ විනිම සංචිත හිඟයක් පවතින නිසා මෙම තත්වය තවදුරටත් අයහපත් වීම වළක්වා ගැනීම සඳහා ඉහත තීරණවලට එළඹ ඇති බවයි.

වාහන ආනායනය ද මේවන විට තහනම් කොට ඇති අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ අවම තරමින් තවත් වසර දෙකක් යන තුරු එම තහනම බලපැවැත්වෙනු ඇති බව යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 July 2021 09:02