April 26, 2024

බහු ජාතික සමාගම්වලට ආණ්ඩුව යට වෙන්නේ නැහැ: පරිසර ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

පාරිසරික සුරක්ෂිතතාවය සහ තිරසර කෘෂිකර්ම සංවර්ධනය ඉලක්ක කොටගෙන හරිත ආර්ථිකයක් යනුවෙන් ජනපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබෙන බව මහින්ද අමරවීර පරිසර අමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

එය මේ රටේ හැරවුම් ලක්ෂයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කොට අවශ්‍ය කටයුතු කරන ලෙස තමන් අමාත්‍යංශයේ සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා 20 ක් තිබෙන බවත් ඒ අතුරින් 13 ක්ම පරිසරයට අදාල යෝජනා බවත්ය.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් රාජ්‍ය නායකයකු ගත් ඉහළම තීරණ මෙම කැබිනට් පත්‍රිකාවට ඇතුලත්ව තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

දැනටමත් තහනම් කර තිබෙන ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය තව දුරටත් අවම කිරීම කඩිනම් කිරිිමට ජනපතිවරයා යෝජනා කොට තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එහිදී ඇතැම් බහුජාතික සමාගම් කනින් රිංගා කටයුතු කරන බවත් ඊට යට වීමට මේ රජය කිසිවිටෙකත් සූදානම් නැති බවද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරන ලදී.

මෙම බහු ජාතික සමාගම් කුමන බලවත් තත්ත්වයක සිටියත් අදාල නීති රීති කඩන්නේ නම් එම සමාගම් වල තත්වය නොසලකා ඒවාගේ බලපත් අහෝසි කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම රටට අවශ්‍ය සබන්, ෂැම්පු, දත් බෙහෙත් මේ රටේම හදන්න ඉදිරිපත් වෙන ලෙස දේශීය නිෂ්පාදකයන්ට ආරාධනා කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා අනාගතයේදී එම නිෂ්පාදන බහුජාතික සමාගම් වලින් ඉවත් කිරීමට කටයුතු කරන බවද අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 15:01

Related items