April 27, 2024

පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යනය කරන්න විභාග පාස්වෙන්න ඕනෙ නෑ - කාදිනල් හිමිට වාසුගෙන් සැර පිළිතුරක්

February 24, 2021

පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා විභාග සමත් වීමට අවශ්‍ය නොමැති බවත් ඊට අවශ්‍ය වන්නේ බුද්ධිය බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ පාස්කු කොමිෂන් වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ ඇතැමුන් සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් වූවන් නොවන බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් එල්ල කළ චෝදනාව පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි. 

ප්‍රශ්නය - වාර්තාවේ හැටියට සාධාරණයක් වෙයිද ? 

"කියවන්න හම්බුණෙ නෑ" 

ප්‍රශ්නය - අර කමිටුව රැස්වෙලා තිබුණානෙ. ඒගොල්ලන් මොකද කියන්නෙ ? 

"ඒගොල්ලො කිව්වා මේකෙ තියන කරුණු අධ්‍යනය කරමින් ඒගොල්ලො ඉන්නෙ, ඒගොල්ලන්ගෙ අදහස් දැක්වීමක් කරනවයි කියලා ..."

ප්‍රශ්නය - ඒ කමිටුවට දැඩි විරෝධයක් එල්ල වෙනවා කාදිනල්තුමා ඇතුළු ජනතාවගෙන්.

"ජනාධිපතිතුමා පත් කරපු කමිටුවනෙ. ජනාධිපතිතුමා ගැන තියෙන විශ්වාසය අනුව අපට එතුමා පත් කරපු කමිටුව ගැනත් විශ්වාසයක් තියෙන්න ඕනෙනෙ"

ප්‍රශ්නය - දැන් කාදිනල්තුමා කියනවා මේ කමිටුවෙ ඕලෙවල් පාස් නැති අයත් ඉන්නවා, කොහොමද මේක විශ්වාස කරන්නෙ කියලා ... 

"නෑ, මේකෙ මේ සාකච්ඡා කරන්නෙ මේකෙ තියෙන්නා වූ නෛතික කරුණු ගැනවත් විද්‍යාත්මක කරුණු ගැනවත් නෙවෙයිනෙ. මේකෙ තිබෙන්නා වූ යම් යම් නිගමන මොනවාද කියලා බලලා ඒ නිගමන ගැනයි කතා කරන්නෙ. ඉතිං ඒ කතාකිරීමේදී එහෙම විභාග සමත් වීමක අවශ්‍යතාවයක් නෑ, බුද්ධිය තමයි තියෙන්න ඕනෙ." 

 

Rate this item
(0 votes)