ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ විරෝධතා රැල්ලක් මේ වන විට දියත් වනවා.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගය පසුගිය දින කිහිපය පුරාම කොළඹ මුල්කොටගෙන විරෝධතා දැක්වූවා.
හයිඩ් පිටිය
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයද එම විරෝධතා රැල්ලට එකතු වීමට තීරණය කොට තිබෙනවා.
ඒ අනුව එළඹෙන 25 වනදා කොළඹ හයිඩ් පිටියේදී සත්‍යග්‍රහයක් පැවැත්වීමට එ.ජා.පය සූදානම්.
හයිඩ් පිටිය ආණ්ඩු විරෝධී විරෝධතාවලට ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක්.
මෙහෙයුම් මධ්‍යස්ථානය
ඒ සඳහා පක්ෂ මූලස්ථානය වන සිරිකොත මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීමටද තීරණය කොට තිබෙනවා.
එම සත්‍යග්‍රහයේ සියලු මෙහෙයුම් කටයුතු එම ස්ථානයේ සිට කිරීමටයි වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන්නේ.
මේ වන විට එජාපය සිය පක්ෂ සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක්ද ආරම්භ කොට තිබෙනවා.