April 24, 2024

ආණ්ඩුවේ පසුපෙළත් අවුලෙන්: ස්ථාවරයේ වෙනසක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම බොහෝ ප්‍රශ්නවලදී ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයක්.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න වලදීත් එම කණ්ඩායම ඔවුන් දෙපළට එරෙහිව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියා.

ස්ථාවරයේ වෙනසක්

එහෙත් රටේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේද ස්ථාවරය වෙනස් වී තිබෙනවා.

ජනතාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ තමන්ට පාරට බහින්නවත් බැරි තත්ත්වයක් උදා වී ඇති බව එම කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

ඔහු ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයාද වන අතර ජනක බණ්ඩාර තෙන්නකෝන් කැබිනට් ඇමතිවරයාගේ පුත්‍රයාද වනවා.

ප්‍රධානීන්ගෙන් කරන ඉල්ලීම

ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කරන ලෙස එම කණ්ඩායම මේ වන විටත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ජනතාව එල්ල කරන චෝදනා වලින් මිදීමට ආණ්ඩුවට නොහැකි බවයි තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ.

ආණ්ඩු ආණ්ඩු පක්ෂය නියෝජනය කළත් තමන් දරන ස්ථාවරය පිළිබඳවද එම කණ්ඩායම හෙළිදරව්වක් කොට තිබෙනවා.

ගුණ වැයීම

හොඳ දේට හොඳයි කීම මෙන්ම වැරදි දේට වැරදියි කීම සිය ප්‍රතිපත්තිය බවයි එම කණ්ඩායම පෙන්වා දෙන්නේ.

එසේ නොමැතිව තමන් සිටින්නේ ආණ්ඩුවට ගුණ වැයීමට නොවන බවද එම කණ්ඩායම වෙනුවෙන් තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 March 2022 10:27

Related items