May 04, 2024

රනිල්ගේ ජාතික ආණ්ඩු සිහිනය සුනේ සුන්: අතේ රෝලක් බවට හෙළිදරව්වක්

රනිල් වික්‍රමසිංහ මහතා මාකටිං පාරක් දැමූ ජාතික ආණ්ඩුව ලප් තැනම ලොප් වී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

එම ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා තමන් බවයි වික්‍රමසිංහ මහතා එම මාකටින් පාර හරහා සමාජගත කිරීමට උත්සාහ කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර

එහෙත් දැනට අග්‍රාමාත්‍ය ධූරය දරන මහින්ද රාජපක්ෂ මහතා වික්‍රමසිංහ මහතාගේ මේ ජාතික ආණ්ඩු කතාව පිළිබඳව දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් අමතා සත්‍ය හෙළි කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා හා දෙමළ මාධ්‍ය පිරිස් අතර පැවැති සාකච්ඡාවේදී ඊට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් මේ ජාතික ආණ්ඩු කතාව ගැන ප්‍රශ්න කර තිබෙන බව වාර්තා වනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ ජාතික ආණ්ඩු කතාව වික්‍රමසිංහ මහතාගේ අතේ රෝලක් බවයි.

ජාතික ආණ්ඩුව

මේ වන විට වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩු කතාව පැත්තක තබා අවම වශයෙන් ඉදිරි වසර 20 සඳහා වූ ජාතික වැඩ පිළිවෙලක් සියලු පක්ෂ එකතු වී සෑදී යුතු බවට යෝජනාවක් කර තිබෙනවා.

මැතිවරණයක් පවා තැබිය යුත්තේ එම ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් අනතුරුව බව වික්‍රමසිංහ මහතා මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශයට පත්වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි එක් මන්ත්‍රී ධූරය නියෝජනය කරන වික්‍රමසිංහ මහතා මේ ජාතික ආණ්ඩු කතාව බොහෝ දුරදිග ගෙන ගියා.

ඒ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 4 දෙනෙකුට මන්ත්‍රී ධූර ලබාදීම සඳහා ආණ්ඩු පාර්ශවයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 4 දෙනකු ඉල්ලා අස්වන බවට මතයක්ද වික්‍රමසිංහ මහතා ගොඩනැගුවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 17 March 2022 12:55