May 07, 2024

විමල් පිල අවුලක් කළ මාර්තු 2 ඓතිහාසික දිනයක්: ඓතිහාසික සිද්ධීන් 2 ක් සමරන දිනයක්

මාර්තු 2 බොහෝ දේශපාලන අර්බුද ඇති කළ දිනයක්.

එදින ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක සහභාගිත්වයෙන් "මුළු රටම හරි මගට" ප්‍රකාශනය ජනගත කිරීමේ රැස්වීමක් පැවැත්වූවා.

අර්බුදයට මුල

එහිදී විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය මුල් කොටගත් සිද්ධි මාලාව අවසන් වූයේ ඊට පසුදින එනම් මාර්තු 3 දා ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කරමින්.

ඊට මුහුණ දුන්නේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්.

ආණ්ඩුවේම කණ්ඩායමක් විසින් ආණ්ඩුවට විරුද්ධව මාර්තු 2 දාම මෙම මතභේදාත්මක රැස්වීම පැවැත්වීම අහඹුවක් නොව කාලයක් පුරා සැලසුම් කර පැවැත්වූ රැස්වීමක් බවයි ආණ්ඩුවේ ඉහළම තැන් වල මතය.

ඓතිහාසික දිනය

ඒ මතය තහවුරු වන කරුණු කිහිපයක් ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

මාර්තු 2 ඓතිහාසික දිනයක්.

1815 මාර්තු 2 මහනුවර දළදා මාලිගාව මාළිගාව අබියස බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සිංහල කොඩිය බිම දමා බ්‍රිතාන්‍ය කොඩිය ඉහලට එසවීම දුටු පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් උඩරට ගිවිසුම අත්සන් කර අවසන් වන තුරු මේ රට අයිති සිංහලයන්ට බව පවසමින් බ්‍රිතාන්‍ය කොඩිය පහත දමා නැවතත් සිංහල කොඩිය එසවුවා.

ඒ නිසාම සෑම වර්ෂයකම මාර්තු 2 දින වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ දිනය ලෙසයි හැඳින්වෙන්නේ.

තවත් වැදගත් සිදුවීමක්

මෙරට පහළ වූ අති විශිෂ්ටතම සාහිත්‍යධරයෙකු , භාෂා විශාරදයෙකු වූ කුමාරතුංග මුනිදාස මහතාගේ ගුණ සැමරුම් දිනය යෙදී තිබෙන්නෙත් මාර්තු 2 දාටයි.

ඒ කුමාරතුංග මුනිදාස ශූරීන් අභාවප්‍රාප්ත වූ 1944 මාර්තු 2 ඉන්නේ පදනම් කොටගෙනයි.

කුමාරතුංග මුනිදාස ශූරින් ගේ මුනුපුරා වූ ගෙවිඳු කුමාරතුංග මහතාද "මුළු රටම හරි මගට" ප්‍රකාශනයේ නිර්මාතෘවරුන් වන ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ සාමාජිකයෙක්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 March 2022 15:12